සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සඳහා මේ වන විටත් රජය කටයුතු කරමින් සිටින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
මේ වන විටත් පළාත් පාලන නියෝජිතයින් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ද තම පක්ෂය සමග සාකච්ඡා කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීම සඳහා සියලුම දේශපාලන පක්ෂ සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
වර්තමාන රජය මැතිවරණ සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු මඟහරිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා පවසනවා. ජනතාවගේ අත්‍යවශ්‍යතාවන් සොයාබලා ඒ වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
රජයේ වැඩපිළිවෙලට විපක්ෂයක් ලෙස බාධා නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු රජයේ ඉල්ලා සිටියේ මැතිවරණ සමය තුළ දී ජනතාවට ලබාදුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කරන ලෙසයි.
Saru FM Media