මාලිමාවට පැහැදිලිව සභා පිහිටුවිය හැකි තැන්වල ඔවුන් ඒ බලය ලබා ගත යුතුය. ඒ සභා ආදර්ශමත් කලාප බවට පත්කල යුතුය.
එකාබද්ධ වේවා මලබද්ධ වේවා විපක්ෂය වැඩි සභික එකතුව පෙන්වන්නේ නම් ඔවුන්ට ඒ සභා පාලනය බාර දී මාලිමාව විපක්ෂයේ භූමිකාව නිවැරදිව ඉසිලිය යුතුය.
කොළඹ නගර සභාව යනු තව්තිසාව නොවේ. වැඩපිළිවෙළ හැදිය යුත්තේ රටටය.
අප දේශපාලනය කලයුත්තේ දියුණු මිනිසුන් ලෙසය.
එහිලා ස්වයං විවේචනය නමින් යමක් ඇත.
විවේචනයට පෙර මාලිමාව අවංකව ස්වයං විවේචනයක යෙදිය යුතුය.
කතාව වෙනුවට වැඩ, පාර්ලිමේන්තුවේ වාද වෙනුවට යළි බිමට !
වාචාල කතා වෙනුවට රාජාල, කොඬොල්, කිරිඅල හිටෙවුවත් අස්වැන්න ලාභය.
~ චූලානන්ද සමරනායක
Saru FM Media