මැයි මස 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එකම එක කතිරයක් පමණක් භාවිත කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
එක් ඡන්දහිමියෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වනු ඇත. එක් ඡන්ද හිමියෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙයි.
එහි තරග කරන පක්ෂවල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරග කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම යන වචන ද හඳුනාගැනීමේ අංකය හා සලකුණ ද පමණක් මුද්‍රණය කර තිබේ. අපේක්ෂකයන්ගේ හෝ කොට්ඨාසවල නම් හෝ අංකය එහි සඳහන් නොවන බව මැතිවරණ කොමිසම කියයි.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔබ කැමැති පක්ෂයේ නම, සලකුණු හෝ ස්වාධීන කණ්ඩායම යන වචන ද හඳුනාගැනීමේ අංකය හා සලකුණ ඇති තීරුවේ සලකුණට දකුණෙන් ඇති ඉඩ කොටසේ එකම එක කතිරයක් පමණක් ලකුණු කළ යුතුය.
ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිම සලකුණක් යෙදීමෙන්, ඇඳීමෙන් හෝ ලිවීමෙන් වැළකී සිටිය යුතුය.
Saru FM Media