පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය උල්ලංඝනය කරලා! ඡන්දදායකයන්ට කරපු අනිසි බලපෑමක්! දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියපු නායකයකුගෙන් මෙහෙම කතා පිළිගන්න බෑ! අනුර කරපු කතාව ගැන හතරවටෙන්ම විරෝධය! I Sri Lanka Latest News

0
7


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන වලට මුදල් ලබා නොදෙන බව ඍජු ලෙස ප්‍රකාශ නොවූවද එමගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල්  සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.Sri Lanka Latest News

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ,  පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බවයි.  

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත්  ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවට  බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here