මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පොලීසියට මැතිවරණ පැමිණිලි 549ක් ලැබී තිබෙනවා.
ඒ අනුව, අපරාධමය පැමිණිලි 112ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 437ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවුසවේ.
ඡන්ද නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 46 දෙනෙකු සහ ආධාරකරුවන් 199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 44ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ වූ මෙවර පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි 51ක් ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ නිලධාරින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් ස්ථානගත කර ඇති බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
මේ අතර කැස්බෑව ආසනයෙන් මෙවර පළාත් පාලන ආයත මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට කිසියම් පිරිසක් විසින් පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයේදී පහරදී තිබෙනවා.
අදාළ අපේක්ෂකයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Saru FM Media