පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්‍ෂකයින් 38ක් අත්අඩංගුවට

0
2


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට අපරාධමය පැමිණිලි 101ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා. 

පසුගිය මාර්තු මස 03 වනදා සිට මේ වන තෙක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි ගණන 388ක්. 

ඊට සමගාමීව ආධාරකරුවන් 168 දෙනෙකුද  මැතිවරණ අපේක්‍ෂකයින් 38 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඊයේ පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා ගතවූ පැය 24ක කාලය තුළදීද අපේක්‍ෂකයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here