පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සජබ සහ පොහොට්ටු සාකච්ඡා අදත්

0
2


විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කිහිපයක් අද දිනයේ ද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 

ඒ අනුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග අද දිනයේ වෙන වෙනම සාකච්ඡා කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන එම සාකච්ඡා පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.

Neth Sound · HARSHANA 02

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් ද පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සහය ලබාදෙන්නේ කුමන පක්ෂයට දැයි තීරණය කිරීම සඳහා අද දිනයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. 

එම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
 

මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · SANJEEWA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here