Thursday, May 15, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ අරමුදල් කැපීමක් නැත – ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ

පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ අරමුදල් කැපීමක් නැත – ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ

0
5


there-will-be-no-cuts-in-central-government-funds-to-local-government-institutions-dr-priyantha-mudalige

 පළාත් පාලන ආයතනවලට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් වෙන්කිරීම නතර කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කර ඇත. පළාත් පාලන ආයතනවලට සිය බල වපසරියේදී ආදායම් උත්පාදනයට උත්තේජනයක් ලබාදෙනු මිස අරමුදල් නතර කිරීමේ සූදානමක් නොමැති බව ආචාර්ය මුදලිගේ අවධාරණය කර ඇත.

ආචාර්ය මුදලිගේ තවදුරටත් පවසා ඇත්තේ දියුණු රටවල පවා ප්‍රාදේශීය ආණ්ඩු සඳහා මධ්‍යම ආණ්ඩුව මුදල් වෙන්කරන බවත්,


එය කිසි ලෙසකින් නූතන ආණ්ඩුකරණ සම්ප්‍රදායට පටහැනි කරුණක් නොවන බවත්ය. පුනරාවර්තන වියදම් සඳහා ආණ්ඩුව මුදල් වෙන් නොකළහොත් පළාත් පාලන ආයතන රැසකම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවද ඔහු පෙන්වා දී ඇත.
“මධ්‍යම ආණ්ඩුව මුදල් වෙන්කිරීම නතර කිරීමේ කිසිදු අවදානමක් නෑ, මොකද පළාත් පාලන ආයතන නැතිවුණොත් මේ කාර්ය කරන්න වෙන්නේ මධ්‍යම ආණ්ඩුවටනෙ,” යනුවෙන් ආචාර්ය මුදලිගේ පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, “අපි හැම තිස්සෙම උපදෙස් දෙන්නේ පළාත් පාලන ආයතනවලට පිම්මක් ඉදිරියට යන්න. ඒ සඳහා ඉලක්ක ලබාදෙනවා. එතකොට ඒ ඉලක්ක හඹායෑමට අවශ්‍ය උත්තේජන දෙන්න උදවු කරනවා. එහෙම අවදානමක් නෑ.”
“මේ තිබෙන තත්ත්වයට වඩා බලගන්වන්න තමයි අමාත්‍යාංශය ගත්තත් උත්සාහ කරන්නේ, සෑම වර්ෂයක් පාසාම මධ්‍යම ආණ්ඩුව පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම්වලට වගේම ප්‍රාග්ධන වියදම්වලටත් විශාල මුදලක් වැය කරනවා. හැබැයි පළාත් පාලන ආයතනවලටත් තමන්ගේ බල වපසරිය තුළ ආදායම් උත්පාදනය කරගන්න පුළුවන්.


ඉතිහාසයේ සෑම විටම පුනරාවර්තන වියදම්වලට ආණ්ඩුව මුදල් දී තිබෙනවා. නැත්නම් ඔය බොහෝම පළාත් පාලන ආයතන දුවන්න බෑ. සල්ලි නෑ. දියුණු රටවල පවා එහෙමයි. ස්ව ශක්තියෙන් නැඟීසිටීමට අවශ්‍ය නෛතික පදනම හදනවා. රැකබලා ගැනීමක් කරනවා,” යැයි ආචාර්ය මුදලිගේ මහතා තවදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රකාශය කරනු ලැබුවේ පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් ලැබෙන අරමුදල් පිළිබඳව මතුව ඇති සාකච්ඡා හා සැකසංකා මධ්‍යයේය. පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය හා ස්වයං ආදායම් උත්පාදනය පිළිබඳ කාලීන සංවාදයට මෙම අදහස් එක්වීම වැදගත් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here