ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා .
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි සඳහන් වන්නේ .
වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම වෙරළබඩ ප්‍රදේශවලද උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙනවා .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන්
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දැනුම් දී තිබෙනවා .
ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
Saru FM Media