පළමු T20ත් එංගලන්තය ජය ගනියි

0
8

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

පැවති වර්ෂාවත් සමඟ ඊයේ (30) තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවිය.

ඒ හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා විය.

ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පිලට පන්දුවාර 16.2 කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලක්ණු 133කි.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්හ.

පන්දුයැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන කඩුලු  තුන බැගින් බිඳහෙළුහ. 

ශ්‍රී ලංකාවට එරෙහිව 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ සෑම් කරන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම මේ අතර විශේෂිතය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තරගය අත්හිටුවන විට පන්දුවාර 16කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 125ක් ලබා සිටියේය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here