දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ ලෝරා වොල්වාඩිගේ අති රමණීය නායකත්ව ඉනිම නිසා කාන්තා ලෝක කුසලානයක එක් දින තරගාවලියක අවසන් සටනට පිවිසීමේ වාසනාව උදාකර ගන්නට 29 වැනිදා ඉන්දියාවේ ගුහාටි ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණි. ඒ 2025 කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ පළමු තරගය පැවති එංගලන්තය හමුවේ ලකුණු 125ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.
තරගයේ කාසියේ වාසියේ ජයග්‍රහණය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීම පළමුවෙන් කළ යුතු බවයි.
ඉතා වේගවත් ආරම්භයක් ලබාගත් ලෝරා සහ ට්‍රස්මින් බි්‍රට්ස් අවසානයේ දකුණු අප්‍රිකාව ලකුණු 300 ඔබ්බට ගෙන ගියේ එංගලන්තයට ළඟා නොවිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. ලෝරා වොල්වාඩි ලකුණු 169ක් ද, ටස්මින් බිට්ස් ලකුණු 45ක් ද මැරිසන් කැප් ලකුණු 42ක් ද ලබා ගත්තාය. ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 317ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලොරන් බෙල් කඩුලු 2ක් ලබා ගත්තාය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි එංගලන්තය මුල සිටම පීඩනය තම කණ්ඩායම දෙසට නතුකරගත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමෙන් දුරස්වී ගියහ.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 42 පන්දු 3ක් පමණි. ඒ වනවිට සියලු දෙනා දැවී ගොස් හමාරය. ඒ අනුව අවසානයේදී එංගලන්තය ලකුණු පුවරුව දැක්වුණේ සියලු දෙනා දැවී ලකුණු 194ක් ලෙසය. එංගලන්තය වෙනුවෙන් නැට් ස්කිචර් බ්‍රස්ට් ලකුණු 64ක් ද ඇලිස් කැප් ලකුණු 50ක් ද ලබා ගත්හ.
පන්දු යැවීමේදී සිය අණසක පතුරවන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මරිසන් කැප් සමත් වූයේ කඩුලු 5ක් දවා
ගනිමිනි. ඒ අනුව කාන්තා ලෝක කුසලාන අවසන් තරගයකට පළමු වතාවට මුහුණ දීමට දකුණු අප්‍රිකාව සමත් විය.
සුසිල් ජයකොඩි
Saru FM Media
 
            
