පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

0
14


2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඊයේ (31) දිනට අමතරව අද( 2025.04.01 )දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here