පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ

0
9


රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (21) ආරම්භ වනවා.

අද ආරම්භවන පළමු පාසල් වාරයේ තෙවන දියර එළඹෙන මැයි මස 09 වන දින අවසන් වීමට නියමිත අතර, ඒ අනුව 2025 වසරේ පළමු පාසල් වාරය අවසන්වීමට නියමිතයි.

2025 වර්ෂය සඳහාවන දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වනදින ආරම්භ වී අගොස්තු 07 වන දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 08 වන දින ආරම්භ වී ඔක්තෝබර් 17 වනදා දක්වා පැවැත්වනු ඇති.

එම පාසල් වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මහනුවර අධ්‍යාපන කලාපය, වත්තේගම අධ්‍යාපන කලාපය සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 49ක් පළමු පාසල් වාරයේ තෙවන අදියර වෙනුවෙන් අද (21) විවෘත වන්නේ නැහැ.

දළදා වන්දනාව හේතුවෙන් මෙම පාසල් සඳහා අමතර නිවාඩු දින කිහිපයක් ලබාදී ඇති අතර, යළි මෙම පාසල් ලබන 25 වන සිකුරාදා දිනයේ ආරම්භ වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here