පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානයට දැවැන්ත ජයග්‍රහණයක්

0
5

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

එක්සත් එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස හොංකොං කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේදී හොංකොං කණ්ඩායමට ලකුණු 94ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. අසමතුල්ලා ඔමර්සායි සහ සදිතුල්ලා අතල් ලබාගත් අර්ධ ශතක ඇෆ්ගන් කණ්ඩායමේ ජයග්‍රහණය ඉතා පහසු කළහ.

පළමු තරගය අබුඩාබිහි සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.

බී කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය +4.70 ලෙස සටහන් විය. ශ්‍රී ලංකාව ද බී කාණ්ඩයේ ක්‍රීඩා කරන බැවින් මෙම ශුද්ධ ලකුණු වේගය ශ්‍රී ලංකාවට යම් මොහොතක සුපිරි හතරදෙනා වටයට යෑමේදී යම් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බව විචාරකයෝ මත පළ කර සිටිති. ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් සදිකුල්ලාහ් අතල් ලකුණු 73ක් ද අසමතුල්ලා ඔමසායි ලකුණු 53ක් ද මොහොමඩ් නබී ලකුණු 33ක් ද ලබාගත් අතර හොංකොං කණ්ඩායම සිය ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසිය ද ඔවුන්ගෙන් සාර්ථක වූයේ බාබර් හයට් පමණි. බාබර් ලකුණු 39ක් ලබා ගනිද්දී යසිම් මුර්ටාසා ලකුණු 16ක් ලබා ගනිද්දී අනිත් ක්‍රීඩකයන් කිසි කෙනකුට ලකුණු දහයේ සීමාව පසුකර යන්නට හැකියාව නොලැබිණි. ඒ අනුව හොංකොං කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 94ක් පමණි. ඒ අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන්ට ලකුණු 94ක ජයක් හිමි විය.

සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here