පළමු ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට‍

0
2

රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් නියායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලකුණු 271ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ  ලකුණු 211ක් පමණි.

ගුවහාති හී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ තීරණය වුයේ පළමුව පන්දු රැකීමටය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8ක් ලබාසිටි ස්මිත්‍රි මන්දනාව දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

හාර්ලීන් ඩියෝල් ලකුණු 48කට සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර්ගේ ඉනිම ලකුණු 21කට සීමාකරන්නට ඉනෝකා රණවීර සමත් වුණි.

විටක ඉන්දිය කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 120ක් තුල දැවී ගියත් 7වැනි කඩුල්ලට ලකුණු 107ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නගන්නට දීප්ති ශර්මා සහ අමන්ජොත් කෞර් සමත් වුණි.

අමන්ජොත් කෞර් ලකුණු 57ක් සහ දීප්ති ශර්මා ලකුණු 53ක් ලබා ගත්තාය.

ඉන්දීය ඉනිම අතරතුර විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47ක සීමා වූ අතර ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තාය.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් සහ උදේෂිකා ප්‍රබෝදනී කඩුලු 2ක් දවා ගත්තාය.

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 47ක් තුල හිමි වූ ඉලක්කයක ලකුණු 271ක්.

ලකුණු 271ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම චමරි අතපත්තු සමඟින් හසිනි පෙරේරා ඇරඹුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබාගෙන සිටි හසිනි පෙරේරා දැවීගියාය.

චමරි අතපත්තු ලකුණු 43යි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here