ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිදුවීමට අදාළව විමර්ශනයට ලක් කෙරෙන මහජන නියෝජිතයන් 22 දෙදෙනා ලබාගත් ප්‍රතිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසට රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය විසින් නියෝග කළා. Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) මොසමක් ගොනු කරමින් කරනු ලැබු ඉල්ලීමකට අනුවයි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය ලබා දී ඇත්තේ.
විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වල ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහාය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියටද අධිකරණය නියම කළා.
2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් හිටපු මැතිඇමතිවරුන් විසි දෙදෙනෙකු රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් ලබාගැනීම සම්බන්ධන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණා.
Saru FM Media