පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයෙකි.
එමෙන්ම තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
අද (22) පෙරවරු 9.00ට පමණ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථ වාහන රඹුක්කන ගලගෙදර හරහා මහනුවර දෙසට ද, මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන මෙම විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.
එමෙන්ම ගම්පොල සිට කොළඹ දක්වා පැමිණෙන රථ වාහන හා කොළඹ සිට ගම්පොල දක්වා පැමිණෙන වාහන මාවනැල්ල හෙම්මාතගම හරහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සදහා අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දී තිබේ.
Saru FM Media







