පහසුවෙන් සහ තනිවම සාරියක් ඇඳ ගන්නා හැටි පියවර හතරකින්.

0
4

සාමාන්‍යයෙන් අපි උත්සව අවස්ථාවකට සාරියක් අඳින්න ඕනෑ වුණාම අනිවාර්යයෙන් ම සැලෝන් එකකට යනවා.ඒත් සාරියක් අඳින එක ඒතරම් අසීරු අමාරු කාර්යයක් නම් නෙවෙයි.පොඩි වෙලාවක් අරන් ඇඟේ හැඩය ඉස්මතු වෙන ආකාරයට උත්සව අවස්ථාවකට යන්න සාරියක් අඳින හැටි අපි මේ රූපසටහන් සහිතව පැහැදිලි කරන්න හිතුවේ ඒ නිසා.

  1. ඉන වටා සාරිය පටලවා ගන්න.

2.තමන්ට උවමනා විදියට පොටේ ප්‍රමාණය තබා ගන්න.උරහිසෙන් තාවකාලිකව කට්ටක් රඳවා ගන්න.ඉන්පසු සාරිය වටෙන් ඉස්සරහට ගන්න.V ශේප් එකට ඉදිරියෙන් රඳවා ගන්න. ඒ මඟින් ඇඟේ හැඩය ඉස්මතු වෙනවා.

3.පලවෙනි රැල්ල ලොකුවටත් (බඩේ මැදින්) ඉන්පසු අවානක් ලෙස රැළි නවා ගන්න.රැලි වල දෙපැත්තෙන්ම මුලින් පින් එකක් ගසා ගන්න. ඉතුරු රැලිද එයට සම්බන්ධ කර ගන්න.උඩ අතට තියෙන විදියට රැලි තබා ගන්න. ඒ පින් එක ගලවා වීඩියෝ එකේ පරිදි ගසා ගන්න.ඉන්පසු ඉතුරු ටික එක රැල්ලක් ආකාරයට උඩ අතට උඩට එන ලෙස තබා ගන්න.ප්ලීට් එකද ඇඟේ හැඩය එන ලෙස සකසා පින් එකක් ගසා ගන්න.ඉන්පසු දකුණු කකුල ඉදිරියෙන් තබා රැළි ටික උවමනා ප්‍රමාණයට සකසා ගන්න.එය නීට් එකට තමන්ට උවමනා ප්‍රමාණයට සකසා පින් එකක් ගසා ගන්න. ගුලි නොගැසෙන ලෙස ඉනෙන් ගසා ගන්න.රැලි වල මැද හරියට ද පින් එකක් ගසා ගන්න.

4.උරහිසේ ගැසූ තාවකාලික පින් එක ගලවා ගන්න.අවශ්‍ය පරිදි පොට රඳවා ගන්න.

උත්සව අවස්ථාවක් නම් අත උඩට වැටෙන ලෙස පොට දමා ගන්නත් පුලුවන්.නමුත් ඇඟේ හැඩය පෙන්වන්න මේ රූපයේ පරිදි ලොකු පින් එකක් අරන් ඉනේ රඳවා ගන්න පුලුවන්.

ඒ වගේම ඇඟේ හැඩයට සාරි ඇඳීම ගැන මෙන්න මේ ලිපියෙනුත් ඔයාලට දැනුවත් වෙන්න පුලුවන්.

දැන් ඉතින් ඔබට තේරෙනවා නේද සාරියක් අඳින එක අමාරු වැඩක් නෙවෙයි කියලා.තනියම සාරියක් ඇඳ ගැනීමේ සතුට ලබා ගන්න ඔබටත් බැරි වෙන එකක් නෑ.

උත්සාහ කරලා බලන්න.

තොරතුරු සැපයීම සහ නිරූපණය – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here