පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (08) සවස් කාලයේදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගොඩනැගිල්ලක පසු පස බැම්මක් ඉදිකිරීමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස පස් කණ්ඩියට යටවී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැල්මඩුල්ල පොලිසිය සිදු කරනු ලබනවා.
Saru FM Media