පස්වරු 01න් පසු තද වැසි

0
9

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11දා) පස්වරු 01න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here