පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දමයි…

0
11


ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇතැයි සඳහන් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චිගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අයකරනු ලබන අඩුම වාරික මුදල අයකිරීම මඟින් ගවයන් සහ එළුවන් සඳහා මෙම රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුකරණ බවය.
ඉහත සතුන් මියයාමකදී හෝ පුර්ණ ලෙස බෙලහීන වීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කරණ බව එහි සඳහන් වේ.
ගව රක්ෂණය සඳහා ගවයාගේ වෙළඳපොල වටිනාකමින් 3% – 4% අතර රක්ෂණ වාරිකයකුත්, එළුවන් සඳහා උපරිමය 7%ක රක්ෂණ වාරිකයකුත් අය කරනු ලැබේ. මේ යටතේ ගොවීන් විසින් ඇති කරනු ලබන සියලුම සතුන් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීමට හැකියාව පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධ ගොවි ජනතාවට අවශ්‍ය වැඩි විස්තර දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගැනීමට හැකි බවද එම නිවේදයේ තව දුරටත් සඳහන් වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here