
දියතලාව ප්‍රදේශයේ පියෙකු පවුල් ආරවුලක් හේතුවෙන් තම වයස අවුරුදු දොළහක දියණියගේ ගෙල කපා බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව තමාගේ ගෙලද කපාගෙන සියදිවි නසාගැනීමට තැත් කළ සිද්ධියක් ඊයේ 29 වන දින රාත්‍රියේ වාර්තා විය.
ලියංගහවෙල පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලට අනුව මෙම සිදුවීමට හේතු වී ඇත්තේ විදේශගත වී සිටින බිරිඳ සමඟ දුරකථනයෙන් සිදු වූ හරසුන් සංවාදයකින් පසුව ඇති වූ ආරවුලක් බව හෙළි වී තිබේ.
කොස්ලන්ද පෙට්ටිගල මහකන්දවත්ත ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණිය දෙදෙනාම මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති අතර, මුලදී දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති පියා
දැනට දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ එම නිවසේ වයස අවුරුදු හයක තවත් පිරිමි දරුවකු සිටින බවයි. එමෙන්ම පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසරකට පමණ පෙර මෙම පිරිමියාගේ බිරිඳ විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත්, ඉන් පසු කාලයේ නිතර දුරකථන ඔස්සේ දෙපාර්ශවය අතර ආරවුල් ඇති වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
බණ්ඩාරවෙල ලියන්ගහවෙල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
Saru FM Media