ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය.
එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක කර ඇති බවය.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමණාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම් හේරත් මහතා සදහන් කළේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවය.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.
Saru FM Media