පලස්තීන නව තානාපති සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක් 

0
2


ශ්‍රී ලංකාවේ පලස්තීන නව තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර  හමුවක් සිදුව තිබෙනවා 

ඒ,හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි.

එහිදී ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංගමය පිහිටුවා එහි සභාපතිවරයා ලෙස ස්ථිර මිත්‍රත්වයෙන් හා අඛණ්ඩ සහයෝගයෙන් යුතුව කටයුතු කළ ආකාරය පිළිබඳව  
හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව හා පලස්තීනය අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන සම්බන්ධතාවය කෘතවේදීව සිහිපත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  පලස්තීන නව තානාපතිවරයාට සුබපැතුම් පිළිගන්වා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here