දළදා වන්දනාව සහ අලුත් අවුරුදු උත්සවය සමය ආශ්‍රිතව මහනුවර නගරයේ ආහාර වෙළඳ සැල් ආශ්‍රිතව සිදු කළ පරීක්ෂා කිරීමේදී පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ 386ක් විනාශ කිරීමට මහනුවර මහ නගර සභාව කටයුතු යොදා තිබෙනවා.
මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව අදියර කිහිපයක් යටතේ සිදු කළ මෙම පරීක්ෂාවේදී අල, බී ළුණු, නූඩ්ලස්, මස් ඇතුලු ආහාර වර්ග 83ක් විනාශ කිරීමට පියවර ගත් බවයි මහනුවර නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.
තොග හා සල්ලර ව්‍යාපාරික ස්ථාන 180ක් මේ යටතේ පරීක්ෂා කළ බව කී ඒ මහතා ව්‍යාපාරික ස්ථාන 21කට නඩු පැවරීමට සහ ව්‍යාපාරිකයන් 37 දෙනෙකුට අවවාදාත්මක ලිපි නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළා.
ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මහනුවර දී පැවැත්වෙන දළඳා වන්දනාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන බැවින් ආහාර නිෂ්පාදන හා අලෙවි කිරීමේ ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කරන බවත් ආහාර අලෙවි කිරීමේ නිතරවන පුද්ගලයන් සහ ජංගම වෙළඳුන් සඳහා උණ සන්නිපාතය සඳහා ලබා දෙන එන්නත ලබාදීමට පියවර ගත් බව ද වෛද්‍ය පසන් ජයසිංහ මහතා ප්‍රකාශ කළා.
Saru FM Media