පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ මහනුවර වෙළඳන්ට සිදු වූ දේ!

0
5

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:උත්සව සමයට සමගාමීව මහනුවර නගරයේ කළ වෙළඳ සැල් පරීක්ෂාවේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙන්දන් 14 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහනුවර මහ නගර සභාව කටයුතු යොදා තිබේ.

මහනුවර දුර ගමන් සේවා, බෝගම්බර බස් නැවතුම් පොල සහ ඒ පරිශ්‍රය තුළ ව්‍යපාරික ස්ථාන, ජංගම කරත්ත සහ ජංගම වෙළෙදුන් ආශ්‍රිතව මහනුවර මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම කළ පරීක්ෂාවේදී මෙම නඩු පැවරීම සිදු කොට ඇත.

එහිදී ආහාර දූවිල්ලට සහ මැස්සන්ට නිරාවරණය අයුරින් හා සනීපාරක්ෂාවට අහිතකර තත්ත්ව යටතේ ආහාර වෙළදාම් කිරීම යන කරුණු යටතේ වෙළෙන්දන් 14 දෙනෙකුට විරුද්ධව අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර තවත් වෙළෙන්දන් 08 දෙනෙකුට අවවාද කොට නිවේදන නිකුත් කොට තිබේ.

ඉදිරි උත්සව සමය මුල් කර ගනිමන් මහනුවර නගරයේ හඳුනාගත් විවිධ ස්ථානවල කණ්ඩායම් වැටලීම් සිදුකිරීමට මහනුවර මහ නගර සභාව සැලසුම් කොට ඇත.

The post පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ මහනුවර වෙළඳන්ට සිදු වූ දේ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here