පරිප්පු දාල හදන්න පුළුවන් කරි වර්ග 7ක්

0
13


හැමදාම නිකම්ම උයල කන පරිප්පුවට වෙනසක් කරන්න කියල හැමෝම කරන්නෙ නිවිති දාන එකනෙ. නිවිති පරිප්පු වලට අකමැති අයටයි, නිකම්ම පරිප්පුව කාලා එපා වෙලා ඉන්න අයට පරිප්පුව පොඩ්ඩක් වෙනස් කරලා කන්න පුළුවන් විදි ටිකක් කියන්න හදන්නෙ. මෙහෙම කාලා නැත්තන් අදම හදලා බලන්න සුපිරි රසක් එක්ක පරිප්පු කන්න පුළුවන්. 

 

1. පරිප්පු සමඟ බ්‍රොකලි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පරිප්පු කෝප්ප 1/2
  2. පොඩියට කපාගත් බ්‍රොකලි ටිකක්
  3. අබ ටිකක්
  4. සූදුරු තේ හැඳි 1
  5. කඩාගත් වියළි මිරිස් කරල් 2
  6. කරපිංචා ටිකක්
  7. කපාගත් අමුමිරිස් කරල් 2
  8. චොප්කරගත් සුදුළූණු බික් 2
  9. චොප්කරගත් ළූණු ගෙඩි 2
  10. ලුණු ටිකක්
  11. කහ කුඩු තේ හැඳි 1/2

 

  • පරිප්පු වලට වතුර දාලා තම්බගන්න. වතුර පෙරාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ, සූදුරු, සුදුළූණු, අමුමිරිස්, කරපිංචා, වියළි මිරිස් දාලා තෙම්පරාදු කරන්න. 
  • ටිකකින් ළූණු ටිකත් දාගන්න. ළූණු ටික තෙම්පරාදු උනාම බ්‍රොකලි ටික දාගන්න. කහ කුඩු හා ලුණු දාගන්න.  
  • ඊටපස්සෙ පරිප්පු ටික දාලා කලවම් කරලා අන්තිමට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාලා ලිපෙන් බාගන්න. 

 

2. චිකන් පරිප්පු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චිකන් ග්‍රෑම් 200
  2. පරිප්පු ග්‍රෑම් 100
  3. අමුමිරිස් කරල් 2 
  4. කපාගත් සුදුළූණු බික් 3
  5. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  6. කඩාගත් වියළි මිරිස් කරල් 2
  7. තෙල් ටිකක්
  8. රම්පේ හා කරපිංචා
  9. ලුණු හා ගම්මිරිස් කුඩු
  10. මිරිස් කුඩු තේ හැඳි 1
  11. කහ කුඩු තේ හැඳි 1/2
  12. තුනපහ කුඩු තේ හැඳි 1/2
  13. දියකිරි කෝප්ප 1 
  14. මිටිකිරිකෝප්ප 1 1/2

 

  • චිකන් ටික පොඩි කෑලි කපාගන්න. පරිප්පු හා චිකන් වලට තරමක් වතුර දාලා, ලුණු, ගම්මිරිස් කුඩු, කහ කුඩු හා මිරිස් කුඩු දාලා තැම්බෙන්න තියන්න. 
  • ටිකකින් කපාගත් අමුමිරිස් හා රම්පේ එකතු කරන්න. චිකන් හා පරිප්පු හොඳට තම්බගන්න. 
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, සුදුළූණු, වියළි මිරිස් හා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. මේකට තුනපහ කුඩු ටිකත් දාගන්න. 
  • දැන් තම්බාගත් චිකන් හා පරිප්පු ටික දාලා දියකිරි ටික දාගන්න. දියකිරි ටික හිඳෙන්න තියලා මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස අනුව ලුණු දාගන්න. 

 

3. පරිප්පු සමඟ මුරුංගා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • ලපටි මුරුංගා කරල් කිහිපයක්
  • පරිප්පු මිටක් පමණ
  • කහ කුඩු තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • තුනපහ කුඩු තේ හැඳි 1/2
  • අබ ටිකක්
  • කපාගත් සුදුළූණු බික් 3
  • අමුමිරිස් කරල් 2
  • රම්පේ හා කරපිංචා
  • කපාගත් තක්කාලි ගෙඩි 1
  • තෙල් ටිකක්
  • වියළි මිරිස් කරල් 2
  • දියකිරි කෝප්ප 1 1/2
  • මිටිකිරි කෝප්ප 1

 

  • මුරුංගා සෝදලා පොතු හැරලා කෑලි කපලා පරිප්පු එක්ක දියකිරෙන් තැම්බෙන්න තියන්න. 
  • මේකට කහ කුඩු, මිරිස් කුඩු, කපාගත් ළූණු වලින් ටිකක්, සුදුළූණු වලින් ටිකක්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු හා රම්පේ කරපිංචා දාගන්න. හොඳට තැම්බෙන්න අරින්න. 
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. මේකට චොප්කරගත් ළූණු හා සුදුළූණු ටිකක් හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. 
  • දැන් තම්බාගත් මුරුංගා හා පරිප්පු ටික දාලා මිටිකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාලා උතුරවගන්න.

 

4. රාබු පරිප්පු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් රාබු අල 2
  2. පරිප්පු කෝප්ප 1/2
  3. මිරිස් කුඩු තේ හැඳි 1
  4. කහ කුඩු තේ හැඳි 1/2
  5. තුනපහ කුඩු තේ හැඳි 1/2
  6. කපාගත් අමුමිරිස් කරල් 2
  7. කරපිංචා ටිකක්
  8. ලුණු ටිකක්
  9. දියකිරි කෝප්ප 1
  10. මිටිකිරි කෝප්ප 1

 

  • රාබු හා පරිප්පු වලට දියකිරි දාලා ලිපේ තියන්න. මේකට කහ කුඩු, තුනපහ කුඩු, සුදුළූණු, අමුමිරිස්, කරපිංචා හා මිරිස් කුඩු දාගන්න. 
  • හොඳට තැම්බුනාම මිටිකිරි දාලා රස අනුව ලුණු දාලා රස අනුව ලුණු දාලා හින්ඳගන්න.

 

5. පතෝල පරිප්පු කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිරිසිදු කර කපාගත් පතෝල කෝප්ප 1
  2. පරිප්පු කෝප්ප 1/2
  3. දියකිරි කෝප්ප 1
  4. මිටිකිරි කෝප්ප 1
  5. අමුතුනපහ කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි1/2
  7. කරපිංචා ටිකක්
  8. චොප්කරගත් රතුළූණු ගෙඩි 2

 

  • පතෝල හීනියට කපාගන්න. පරිප්පු එක්ක දියකිරි දාලා ලිපේ තියන්න. 
  • මේකට අමු තුනපහ කුඩු, කහ කුඩු, කරපිංචා, රතුළූණු දාගන්න. 
  • හොඳට තැම්බුනාම මිටිකිරි දාලා රස අනුව ලුණු දාලා උතුරවගන්න. 

 

6. කොහිල දළු පරිප්පු කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩාගත් කොහිල දළු කෝප්ප 1
  2. පරිප්පු කෝප්ප 1/1
  3. ලියාගත් රතුළූණු ගෙඩි 2
  4. ලියාගත් සුදුළූණු බික් 3
  5. කරපිංචා ටිකක්
  6. කපාගත් අමුමිරිස් කරලක්
  7. ලුණු
  8. මිරිස් කුඩු තේ හැඳි 1/2
  9. අමු තුනපහ කුඩු තේ හැඳි 1/2
  10. කහ කුඩු තේ හැඳි 1/4
  11. මිටිකිරි කෝප්ප 1 1/2

 

  • පරිප්පු ටික සෝදල සුදුළූණු, ළූණු, කරපිංචා, අමුමිරිස් එක්ක මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු දාලා ලිපේ තියන්න.
  • පරිප්පු තැම්බීගෙන එනකොට කොහිල දළු ටික දාලා කලවම් කරලා වහලා තවත් විනාඩි 2ක් වගේ තියන්න. 
  • ඊළඟට මේකට මිටිකිරි ටික දාලා රස අනුව ලුණු දාලා උතුරවගන්න. 

 

7. කැරට්,අල හා පරිප්පු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පරිප්පු කෝප්ප 1/2
  2. කොටුවට කපාගත් අල ගෙඩි 1
  3. කොටුවට කපාගත් කැරට් අල 1
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  5. කපාගත් තක්කාලි ගෙඩි 1
  6. කරපිංචා ටිකක්
  7. කපාගත් අමුමිරිස් කරලක්
  8. මිටිකිරි කෝප්ප 1
  9. අබ ටිකක්
  10. වියළි මිරිස් කරල් 2
  11. මිරිස් කුඩු තේ හැඳි 1
  12. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු තේ හැඳි 1
  13. කහ කුඩු තේ හැඳි 1/2
  14. තෙල් ටිකක්
  15. ලුණු ටිකක්

 

  • පරිප්පු හෝදලා කැරට් හා අල එක්ක වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න.
  • මේකට ඉඟුරු, සුදුළූණු, ළූණු, අමුමිරිස්, තක්කාලි, මිරිස් කුඩු හා කහ කුඩු දාගන්න හොඳට තැම්බෙන්න අරින්න. 
  • හොඳට තැම්බුනාම මිටිකිරි ටික දාලා රස අනුව ලුණු දාලා උතුරවගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. කරපිංචා හා වියළි මිරිස් ටික දාලා තෙම්පරාදු කරගන්න. මේක පරිප්පු එකට දාලා කලවම් කරන්න. 

 

The post පරිප්පු දාල හදන්න පුළුවන් කරි වර්ග 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here