පරාටේ නීතිය : ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සජිත් යළි හඬනගයි (VIDEO)

0
17


සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසදුමක් ලබා දීමට වත්මන් රජය ඇතුළු පැවැති කිසිදු රජයක් සමත්ව නොමැති බවත් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා ඇති ප්‍රතිචාරාත්මක බදු නිසා මේ කර්මාන්තකරුවන් පමණක් නොව සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම දැඩි අර්බුධයකට මුහුණ දී ඇති නිසා මෙරට කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පරාටේ නිතිය නැවත සක්‍රීය වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

1990 අංක 4 දරණ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බැංකුවලට දේපල වෙන්දේසි කිරීමට ඇති බලතල අත්හිටුවීම 2025 මාර්තු 31 වැනිදා සිට අවසන් වන බවත් පරාටේ නීතිය යටතේ ලබා දී ඇති මේ බලතල අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද කියා දැන ගත යුතු බවත් මේ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවූයේ මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලබා දීමට බවත් එය දැන් නැවතත් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පරාටේ නීතිය අත්හිටුවන්න ඉල්ලීමක් කරන්නේ මේ කර්මාන්තකරුවන් සුවිශේෂි ප්‍රශ්න රැසකට මුහුණ දෙන නිසා බවත් පසුගිය කාලයේ පරාටේ නීතිය අහෝසි කරා කියා විසදුමක් නොලැබුණු නිසා තවදුරටත් මෙය අත්හිටුවා මේ අය වෙනුවෙන් තිරසර විසදුමක් ලබා දිය යුතු බවත් 2024 මැයි 7 වැනි දා කෝප් කමිටුව මගින් නිර්දේශ කළ පරිදි මහ බැංකුව විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා එහි අරමුණ ගැන මාර්ග සිතියමක් සකස් කර ඇති නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් පසුගිය වසර 5 කාලයේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කොපමණ සංඛ්‍යාවකගේ දේපල වෙන්දේසි කළේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය සපයන්න

රජය විසින් කරන ලද සංගණනයක් අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් වැසි ගොස් ඇති බවත් මේ තත්ත්වය මත මොවුන් වෙනුවෙන් සහනයක් ලබා දෙන්න නැවත පණ ගන්වන්න ගන්නා ක්‍රියාමාර්ග දැන ගැනීමට අවශ්‍ය බවත් පරාටේ නීතිය යටතේ බැංකුවලට ලබා දී ඇති බලතල අත්හිටුවීම හැරුණු කොට පසුගිය කාලයේ ස්ථිර වශයෙන් හා තාවකාලිකව වසා දැමූ ව්‍යාපාර හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත ගොඩගැනීමට දරාගත හැකි පිරිවැයක් යටතේ කාරක ප්‍රාග්ධනයක් සැපයීමට රජයේ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තවදුරටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රස්තියාදු කරන්න එපා

අක්‍රීය ණය හිමියන් වී ඇති නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසාදු ලේඛන ගත වී ඇති බවත් එම නිසා මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරිම ගැන රජය ගෙන ඇති පියවර දැන ගැනිමට අවශ්‍ය බවත් වාර ගණනාවක් මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අමාත්‍යාංශවලය ගෙන්වා තීන්දුවලට එළැඹුනත් බැංකුවලට රජයෙන් උපදෙස් නොදීම නිසා මොවුන් තවත් අසරණ වී ඇති බවත් මේ අය තවදුරටත් රස්තියාදු නොකර තිරසර විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය ගැන රජයේ ස්ථාවරය කුමක්ද?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here