පරණ සපත්තු දෙකට අලුත් පෙනුමක් දෙමුද?

0
14


කිහිප වරක් පමණක් භාවිතාකර අවුරුදු ගණනක් ඇඳයට හෝ මුල්ලක ගොඩගසා ඇති සපත්තු ගොඩක් ඔබටත් තිබෙනවාද? ඒවා විසිකර දමන්නටත් හිතෙන්නේ නැහැනේද? එහෙමනම් ඒ සපත්තුවලට නව පෙනුමක් වගේම තිබුණාටත් වැඩිය වටිනා පෙනුමක් කිසිඳු මුදලක් වැයවන්නේ නැති මේ ක්‍රම මඟින් එකතුකර ගනිමු.

ඇඳුමක හෝ මාලයක ගැලවුණු සීක්වීන්ස්, විසිතුරු ගල් ඉතිරිවෙලා තිබෙනවානම් මෙන්න ඒවා ප්‍රයෝජනයට අවස්ථාවක්.

seq

දිදූලන, විසිතරු, අලංකාර පාවහන් යුවලක් ලබා ලැනීමට ඔබ කලයුත්තේ සීක්වීන්ස්, විසිතුරු ගල් ආදිය ගම් ස්වල්පයකින් අලවාගැනීම පමණයි.

unnamed

ඉතිරිවෙලා තිබෙන රන්, රිදී වැනි පැහැයක් ආලේප කල මාල කැබලි හෝ වෙනත් ආභරණයක කොටසක් එකි නෙක මත සිටිනසේ අලවාගන්න. මේ ක්‍රමයෙන් පුළුවන් තියෙන සපත්තු දෙකට මිල අධික පෙනුමක් ලබාදෙන්න.

unnamed-1

මේ සඳහා ඔබට කරන්නට ඇත්තේ සපත්තු දෙකේ පැහැයට ගැලපෙන පරිදි ටසල් අලවාගැනීම පමණයි. ඉතාම අඩු මිලකට ඉතා අනගි පෙනුමක් ඇති ටසල් වෙළඳපලෙන් පහසුවෙන්ම මිලදීගත හැක.

unnamed-2

ඇඳුම්වලට අල්ලන්න ගෙනල්ල ඉතිරිවුණ හෝ ඇඳුම්වලින් ගැලවුණු බොත්තම් තිබෙනවි නම් ඒවා අපතේයවන්නේ නැතිව ඔබේ සපත්තු දෙකට කළාත්මක පෙණුමක් ලබාදෙන්නට පුළුවන්. ඔබටකරන්නට අවශ්‍යවන්නේ ඔබ කැමති රටාවකට බොත්තම් අලවාගැනීම හෝ මසාගැනීම පමණයි.

unnamed-3

ගෙදර ඉතිරි වුණ ලේස් කැබලි තිබෙනවා නම් මෙන්න ප්‍රයෝජනයට ගන්න ඉතාමත්ම හොඳ අවස්ථාවක්. ලස්සන ලේස් මලක් කපා ගම් ස්වල්පයකින් සපත්තු දෙක මත අලවාගැනීමෙන් මිල අධික පෙණුමක් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

මේවගේ සරළ ක්‍රම මඟින් ඔබට ඔබේ ප්‍රියතම පාවහන් යුවල නැවතත් පළඳින්න පුළුවන්. සකසුරුවම් බව අගයන  ඔබට නිරමාණශීලී විනෝදාංශයක් ලෙස මෙය තෝරාගත හැකියි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here