පරණ ඇඳුම් ඉවත නොදා ගන්න පුලුවන් මේ ප්‍රයෝජන ගැන ඔබ පුදුම වේවී.

0
10


අලුත් අවුරුද්දක් එළඹෙන්නට බොහොම ටික කාලයයි. බොහෝ දෙනෙක් අවුරුද්ද අවසාන කාලයේදී නිවස වඩාත් හොඳින් පිරිසිදු කිරීමකට ලක් කරනවා. මෙහිදී අඳින්නට නොහැකි හෝ අනවශ්‍ය ඇඳුම් විශාල ප්‍රමාණයක් ඉවතට දමනවා. සැබැවින් ඒවායින් කිසිම ප්‍රයෝජනයක් ගන්නට බැරිද? අද අපි ඒ ගැන කතා කරමු.

සමහර අවස්ථාවලදී කල් ගතවූ ඉවත් කරන ඇඳුම් වුවත් ඉතාම නව පෙනුමක් සහිත ව තිබෙනවා. එවන් අවස්ථාවලදී එය තරමක් modify කර නැවත භාවිතා කරන්නට ඔබට පුලුවන්. ඔබ නොසිතන තරම් සුන්දර ඇඳුමක් නිර්මාණය කරගන්න අපහසු වන්නේ නෑ. එය ගවුමකින් හැඩැති සායක්, ටීෂර්ට් එකකින් සායක්, ෂර්ට් එකකින් කෙටි ගවුමක් විය හැකියි.

ඉවත් කරන්නට නියමිත තද කලිසම්, සායවල්, ඩෙනිම් ඇඳුම් වැනි ශක්තිමත් රෙදිවලින් නිම වූ ඇඳුම්වලින් ඔබට අලංකාර බෑගයක් මසා ගන්නට පුලුවන්. Uncommon මෙන් ම ඔබට ම අනන්‍ය වූ ලස්සන මෙන් ම සවිමත් බෑගයක් මෙමගින් ඔබට ලැබෙනවා.

උත්සව අවස්ථාවන්ට බොහෝ දෙනා අඳින්නේ විසිතුරු ඇඳුම්. මෙම ගවුම්, සාරි ආදියෙන් ඔබට සුන්දර කුෂන් කවර කිහිපයක් මසාගන්නට හැකියාව තිබෙනවා. මෙහිදී ඔබට අවශ්‍ය කුෂන් කවර ප්‍රමාණය මුලින් තීරණය කරගන්නට අවශ්‍යයි. ඉන් පසු රෙදි කැපීමේ දී සෑම රෙද්දකින් ම සමානව එන සේ හෝ එකම මෝස්තරයක් සහිතව එන සේ මසා ගැනීමෙන් එය කුෂන් කවර කට්ටලයක් සේ ම නිමාවකුන් යුක්ත වනවා.

පරණ කපු ඇඳුම් ඉතාම සනීපදායකයි.

ඒවායෙහි වර්ණ සහ මෝස්තර ගළපමින් කුඩා කොටු කපා මූට්ටු කරමින් සුවපහසු බෙඩ්ශීට් සහ කොට්ටඋර මසාගන්නට පුලුවන්. එකම වර්ණයේ විවිධ ප්‍රභේද සහිත රෙදි එක ම ශීට් එකකට ගැනීම මගින් වඩාත් සුන්දර නිමාවකින් යුතු බෙඩ්ශීට් ඔබට ලැබෙනවා.

පරණ ටීෂර්ට් සහ ඇදෙන රෙදිවලින් පාපිස්නා සකසාගන්නට හැකි බව ඔබ දන්නවාද? එක සමාන තීරු කපා, ඒවා තුන බැගින් ගෙන ගොතා ඉතා සරලම පාපිස්නාවක් සකසා ගන්නට ඔබට පුලුවන්. මේවා ඔබේ අවශ්‍යතාව පරිදි ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකට සකසා ගන්නට හැකිවීම වාසියක්.

නිවසේ පිරිසිදු කිරීම් කරනවිට අත්පිස්නා කොපමණ තිබුණත් මදි. කපු, හොඳින් තෙත උනන පරණම ඇඳුම් හතරැස් වන සේ මසා ඔබට අත්පිස්නා ලෙස භාවිතා කරන්නට පුලුවන්. එය අත්පිස්නා ගැටලුව සරලව ම විසඳා දෙනවා. අවශ්‍ය නම් රෙදි දෙපොටක් යොදාගෙන හතර පසින් වාටි මසාගත් පසු එය මිලදී ගන්නා ලද අත්පිස්නාවක් වගේමයි.

මේ කාලය බොහෝදෙනාට ආර්ථික ව අපහසු කාලයක්. කුඩා දෙයින් පවා පිරිමැසිය යුතු කාලයක්. එක ඇඳුමක් ගන්නට වියදම් කරනා මුදලින් ප්‍රයෝජන දෙකක් ගන්නට හැකිවීම කෙතරම් වාසිදායක ද? අරපිරිමැස්මෙන් ජීවත් වන ඔබට මෙය වඩාත් ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here