පයාගල දුම්රිය අනතුරෙන් දෙදෙනෙකු මරුට

0
2

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ  සීඝ්‍රගාමී දුම්රිය, පයාගල දී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු රෝහල් ගතකර ඇති බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

කෙසේවෙතත්, මෙලෙස රෝහල්ගත කළ දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවීමෙන් පසුව වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා ඇතිව තිබුණද, මේ වන විට එය යථා තත්ත්වයට පත්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(ඡායාරූපය  : Accident1st)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here