පදියතලාව මරංගල විදුහලේ මලීෂා මධුවන්තිට සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක්

0
1

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද සිංහල භාෂා සාහිත්‍ය තරගාවලියේ නව වැනි ශ්‍රේණියේ කියවීම් අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන මරංගල මහ විද්‍යාලයේ ඒ. ටී. එම්. මලීෂා මධුවන්ති ශිෂ්‍යාව සමත් වූවාය.

පෙරේදා (19 දා) කොළඹ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මෙම තරගාවලියේ දී නව වැනි ශ්‍රේණියේ (ළමුන් 200ට අඩු පාසල්) කියවීම් අංශයේ සමස්ත ලංකා පළමු ස්ථානය මෙන්ම ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය ද මෙම ශිෂ්‍යාව විසින් දිනාගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය අධ්‍යාපන කලාපයේ ඇති භෞතික හා මානව සම්පත් අඩුම පාසලක ශිෂ්‍යාවක මෙම හපන්කම් දැක්වීමට සමත්වීම බෙහෙවින් අගය කළ යුතු දෙයක් බව ඇය සමග කොළඹ පැමිණ සිටි මරංගල විද්‍යාලයේ සිංහල විෂය භාර බී. වී. ජී. පෙරේරා ගුරුතුමිය අප සමග පැවසුවාය.

මරංගල විද්‍යාලයේ විදුහල්පති ඩී. එම්. ගුණරත්න මහතා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය තම ජයග්‍රහණ පසුපස සෙවණැල්ලක් සේ සිටින බව ද මලීෂා මධුවන්ති ශිෂ්‍යාව පැවසුවාය.

පදියතලාව – විශේෂ භාෂණ සත්‍යප්‍රිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here