පදක්කම් 139ක් දිනූ අනුශූරයෝ දිවයිනට

0
12

23 වන ආසියානු ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙල

23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත තරගාවලියේ පදක්කම් 139 ක් දිනා ගෙන අනු ශූරතාවය ද හිමිකර ගෙන පසුගියදා දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 22ක තරගකරුවන් 4,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් 05 දින සිට 09 දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පවත්වා තිබුණි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 35 සිට අවුරුදු 90 දක්වා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 224 දෙනකු සහභාගි වූ අතර, ඔවුන් රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් දිනා ගැනීමට සමත් වී සිටියහ.

ටී.කේ.ජී. කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here