04 වැනි දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලිය
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ත තරගාවලියේ පදක්කම් 40 ක් දිනා ගෙන අනුශූරතාවය හිමි කර ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (28දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
මෙම තරගාවලිය ඉකුත් 24 දින සිට 26 දින දක්වා දකුණු ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ රංචි නුවර පවත්වා තිබුණි.
මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ත්‍රිවිධ හමුදා වල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, පාසැල් වල ගුරු භවතුන්, සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී.කපිල
Saru FM Media











