පකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියාව අහසත් තහනම් කරයි

0
2


ඉන්දියාව විසින් පාකිස්ථාන ගුවන් සේවාවලට අයත් සියලු යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරීම තහනම් කර තිබෙනවා. 

ඒ අනුව වාණිජ ගුවන් සේවා සහ හමුදා ගුවන් ගමන් ඇතුළුව පාකිස්තානය විසින් ලියාපදිංචි කරන ලද, ක්‍රියාත්මක කරන ලද හෝ බදු දී ඇති සියලුම ගුවන් යානා සඳහා ඉන්දීය ගුවන් අවකාශය තහනම් වනු ඇති. 

ඊයේ සිට මැයි 23 දක්වා ගුවන් අවකාශය වසා දැමීමටයි ඉන්දියාව තීරණය කර ඇත්තේ. 

ඉන්දියාව නිල වශයෙන් සිය ගුවන් අවකාශය සීමා කිරීමත් සමඟ, ක්වාලාලම්පූර් වැනි අග්නිදිග ආසියානු ගමනාන්ත වෙත ළඟා වීමට පාකිස්ථාන ගුවන් සේවාවලට චීනය හෝ ශ්‍රී ලංකාව වැනි රටවල් හරහා දිගු මාර්ග භාවිතා කිරීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ දෙරට අතර යුදමය ගැටුමක් සිදුවනු ඇති බවට අනුමාන කරමින් ඇති පසුබිමකයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here