ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරණ 2026 T 20 ලෝක කුසලාන තරඟවාලියේ ලබන 15 වනදා පැවැත්වීමට නියමිත පකිස්තානය සහ ඉන්දියාව අතර තරඟය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ 2026 පෙබරවාරි 15 වන දින කොළඹ SSC ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයේ නියමිත තරඟය සඳහා සහභාගී වීමට පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් උපදෙස් ලබා දී ඇති බවය.
පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථාන රජය විසින් මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති අනුර දිසානායක ඇතුළු මිත්‍ර රාජ්‍යවල ඉල්ලීම් සහ බහු පාර්ශ්වික සාකච්ඡාවලින් ලබාගත් ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමේ අරමුණින් සහ සියලුම සහභාගී වන රටවල් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්මට සහාය වීම සඳහා බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක ඊයේ (09) පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් දුරකතනයෙන් අමතා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ICC T20 තරගාවලියේ ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට පක්ස්ථාන ජාතික කණ්ඩායම සහභාගී කරවිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ශ්‍රී ලංකා ජනාධිපතිට සිය තීරණය දැනුම් දෙන බව පකිස්ථාන අගමැති පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේදී පකිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ශ්‍රී ලංකා ජනාධිපති මෙහිදී සිහි කර තිබේ.
පාකිස්ථානය අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන සබඳතාවලට ප්‍රමුඛත්වය දුන් බවත්, ත්‍රස්තවාදය පැවැති කාලසීමාවේදී පවා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කර තරග කළ බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසු බව පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත.
දුෂ්කර කාලවලදී පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගය ලබා දුන් ආකරය සිහිපත් කළ අගමැති ෂෙබාස් ෂරීෆ් මෙහිදී වැඩිදුරටත් මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන තරග සංචාරය අවලංගු නොකිරීමෙන් පකිස්ථානයට සහ ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන පියවරක් තැබූ බවද සිහිපත් කර තිබේ.
Thank you Prime Minister @CMShehbaz for ensuring the game we all love goes on. Delighted that the eagerly awaited India and Pakistan match at the ongoing T20 Cricket World Cup in Colombo will proceed as planned.
As co-host of the tournament, Sri Lanka thanks the @ICC and all…
— Anura Kumara Dissanayake (@anuradisanayake) February 9, 2026
وزیرِ اعظم محمد شہباز شریف اور سری لنکا کے صدر انورا کمارا ڈسانائیکے کے مابین ٹیلی فونک رابطہ
سری لنکن صدر نے وزیرِ اعظم سے درخواست کی کہ پاکستانی کرکٹ ٹیم کو سری لنکا میں منعقدہ پاک-بھارت میچ کھیلنا چاہیے۔ انہوں نے مزید کہا کہ سری لنکا میں دہشت گردی کے دوران پاکستان نے سری لنکن… pic.twitter.com/VD2S7Eashg
— Government of Pakistan (@GovtofPakistan) February 9, 2026
ISLAMABAD, February 9, 2026.
The Honorable Prime Minister of Pakistan, Mr. Shehbaz Sharif has been formally briefed by the Chairman of the Pakistan Cricket Board (PCB), Mr. Mohsin Naqvi, regarding the outcomes of high-level deliberations held between the PCB, representatives of…
— Government of Pakistan (@GovtofPakistan) February 9, 2026
3
Saru News










