පකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් රටින් පිට කෙරේ

0
11


පකිස්ථානයේ වෙසෙන ඇෆ්ගන් සරණාගතයින්ට එරෙටින් පිටවීම සඳහා ලබා දී තිබූ කාලසීමාව මාර්තු 31 දිනෙන් අවසන් වී තිබේ.

ඒ අනුව පකිස්තානය රජය අප්‍රේල් 1 සිට ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් දරන්නන් සහ අනෙකුත් නීති විරෝධී සරණාගතයින් ආපසු යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

ආපසු පැමිණෙන ඇෆ්ගන් ජාතිකයින් සඳහා ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් විධිවිධාන සලසා ඇති බවට බලධාරීන් සහතික වී තිබේ. 

කෙසේ වෙතත්, නියමිත කාලය ඉක්මවා පකිස්ථානයේ රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩි දණ්ඩනමය ක්‍රියාමාර්ග ගන්නා බවට පකිස්තාන බලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිල ප්‍රකාශයක් මගින් සිය ස්ථාවරය ශක්තිමත් කරමින් මාර්තු 31 වන විට සියලුම ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් දරන්නන්ට රට හැර යන ලෙස මීට පෙර උපදෙස් ලබා දී තිබුණි. 

“නීතිවිරෝධී විදේශිකයන් ආපසු හරවා යැවීමේ වැඩසටහන 2023 නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වේ.

සියලුම නීතිවිරෝධී විදේශිකයන් නැවත මෙරටින් හරවා යැවීමට රජය ගත් තීරණය අනුව ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් දරන්නන් ද ආපසු හරවා යැවීමට තීරණය කර ඇත, ”අමාත්‍යාංශය පැවසීය.

එම ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කළේ, “සියලුම නීතිවිරෝධී විදේශිකයන්ට සහ ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් දරන්නන්ට 2025 මාර්තු 31 ට පෙර ස්වේච්ඡාවෙන් රට හැර යන ලෙස උපදෙස් දෙනු ලැබේ.” යනුවෙනි.

ඉන් පසුව පිටුවහල් කිරීම 2025 අප්‍රේල් 1 වැනිදා සිට ආරම්භ වේ. 

ගෞරවාන්විතව ආපසු පිටවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව රජය කියා සිටි අතර එලෙස පිටවීමේ ක්‍රියාවලියේදී කිසිවෙකුට හිරිහැර නොකරන බවට සහතික විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here