පලස්තීන ජනතාව රාජ්‍ය ත්‍රස්තවාදයට ලක් වෙමින් ඔවුන්ගේ ජීවත් වීමේ සහ ඔවුන්ගේ මානව අයිතිය අහිමි වූ යුගයක් පසු කරමින් සිටින බවත් මෙම පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදෙසා අනිවාර්යෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද දිනට යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින්.
පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර වැඩපිළිවෙළ රැසක් මෙම ගැටලුව වෙනුවෙන් දියත් වුවත් එය හුදෙක් කතාවට පමණක් සීමා වී ක්‍රියාවෙන් දුර්වල වූ මොහොතක රටක් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා එහිදී පවසා ඇත්තේ.
75 වැනි අල් නක්බා සැමරුමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහතින්.
Saru FM Media