පක්ෂ තහනමට එරෙහිව අවාමි ලීගයෙන් ප්‍රබල නිවේදනයක් (වීඩියෝ)

0
2


නෙරපා හරින ලද අගමැතිනි ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ අවාමි ලීගය, පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට අන්තර්කාලීන රජය ගත් තීරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ “අවාමි ලීගයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධීව බලයේ රැඳී සිටින ෆැසිස්ට් යූනුස් රජය කළ නිවේදනයෙන් බංග්ලාදේශ ජනතාව කම්පනයට හා කෝපයට පත්ව සිටිති” යනුවෙන්.

“ෆැසිස්ට් ඒකාධිපති යූනුස් රජයේ මෙම තීරණය අපි වෛරයෙන් ප්‍රතික්ෂේප කරන අතර එයට දැඩි ලෙස හෙළා දකිමු සහ විරෝධය පළ කරමු” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වුණා.

ෆැසිස්ට් යූනුස් රජයේ මෙම තීරණය නොසලකා හරිමින් බංග්ලාදේශ අවාමි ලීගය එහි ක්‍රියාකාරකම් නිසි ලෙස කරගෙන යන බව අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ කැබිනට් මණ්ඩලය, ත්‍රස්ත විරෝධී පනත යටතේ අවාමි ලීගයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කිරීමට තීරණයක් ගත්තා.

ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බව රජය සෙනසුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here