නොවැ. 22න් පසු කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්

0
5

එළැඹෙන 22වනදා පමණ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන්කරනු ඇත.

ඉදිරි පැය 36 සඳහා කාලගුණයේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුව අද (19) පස්වරුවේ මේ බව පැවසීය.

ඒ අනුව උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වියහැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල හෙට (20) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක්ද තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here