මේ වසරේ (2025) නොවැම්බර් පළමු දින 9 තුළ 61,890ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසර මුල සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1952577 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේ පළමු දින 09 තුළ 7,742ක වැඩිම සංචාරක පැමිණීමක් නෙැවැම්බර් 8 වැනි දිනයේ වාර්තා වී ඇති අතර එම කාලසීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, ඒ අනුව 15541ක සංචාරක පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media





