නොබෙල් සාම ත්‍යාග­ලා­භි­නි­යට වසර හත­හ­මා­රක සිර දඬු­වම්

0
2

ඉරාන බල­ධා­රින් විසින් රඳවා තබා සිටින නොබෙල් සාම ත්‍යාග­ලාභී නර්ගීස් මොහ­ම­ඩි­යාට එරට අධි­ක­ර­ණ­යෙන් වසර හත­හ­මා­රක සිර දඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගිය දෙසැ­ම්බ­රයේ එරට හිටපු නීති­ඥ­ව­ර­යකු සහ මානව හිමි­කම් ක්‍රියා­කා­රි­ක­යකු වූ කොස්රෝ අලි­කෝ­ර්ඩිගේ අනු­ස්ම­රණ උත්ස­ව­ය­කදී අත්අ­ඩං­ගු­වට පත්වූ 53 හැවි­රිදි නොබෙල් සාම ත්‍යාලා­භි­නි­යට මේ සිර දඬු­වම නියම කර ඇත්තේ පසු­ගි­යදා උප­වා­ස­යක නිරත වෙමින් නීති­වි­රෝධී ප්‍රචා­රක කට­යුතු සිදු කළ බවට චෝදනා කර­මින් බව ද වාර්තා වේ.

නීති­වි­රෝ­ධීව රඳවා තබා ගැනී­මට එරෙ­හිව නර්ගීස් විසින් සිදු කරනු ලැබූ උප­වා­සය සම්බ­න්ධව පැරිස් නුවර කේන්ද්‍ර කර­ගත් ඇගේ සුබ­සා­ධන පද­නම ජාත්‍ය­න්ත­ර­යට ප්‍රකාශ කිරිම දඬු­ව­මට හේතුවී ඇති බවත්, රැස්වීම් සහ කුම­න්ත්‍රණ සම්බ­න්ධ­යෙන් වසර හයක් සහ ප්‍රචා­රණ කට­යුතු සම්බ­න්ධ­යෙන් වසර එක­හ­මා­රක් ලෙස ඇයට සිර දඬු­වම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉරා­නයේ කාන්තා හිංස­න­යට එරෙ­හිව සිදු කළ ක්‍රියා­කා­රි­ත්වය හේතු­වෙන් ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමිවී ඇත්තේ 2023 වස­රේදී බවත් වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here