නේපාල විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තියයි

0
5

නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා තීව්‍ර වූ අතර ඒ හේතුවෙන් නේපාල අගමැති කේගපීග ෂර්මා ඔලි ඉල්ලා අස්විය.

ඔහුගේ පෞද්ගලික නිවස ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

නේපාල රජය විසින් ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනමට එරෙහිව පසුගිය දින දෙකෙහි පැවති විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය එම තහනම ඉවත් කරනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here