නේපාලය ගින්නක් කළ “Nepotism”හෙවත් ඥාති සංග්‍රහය

0
7

2025 සැප්තැම්බර් 8 වැනි දින දස දහසකට ආසන්න නේපාල තරුණයන් පිරිසක් එරට කත්මණ්ඩුවේ පිහිටි පාර්ලිමේන්තුව දෙසට පෙළපාලියෙන් ළඟා විය. මෙම පිරිස අතරින් බහුතරයකට ජල ප්‍රහාර, රබර් උණ්ඩවලට මුහුණ දීමට සිදු විය. නමුත් පිරිස වැඩි වීමත් සමග ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූවේ සජීවී පතොරම්වලටය. Human Rights Watch වාර්තාවලට අනුව අවම වශයෙන් දහනවදෙනකු මියගිය අතර තුන්සීයකට අධික පිරිසක් මෙයින් තුවාල ලබා ඇත.

සැප්තැම්බර් 4 වැනිදා එරට රජය විසින් එරට සමාජ මාධ්‍ය වේදිකා 26කට ආසන ප්‍රමාණයක් අවහිර කර හෝ එවාහී ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබුණි. මේ හේතුව නිසාවෙන් එදින මෙවනි පෙළපාලියකට තරුණ තරුණියන් එක්වූ බව බොහෝ දෙනා විශ්වාස කරති. එහිදීත් විශේෂයෙන් Gen z පරපරාවට අයත් අය මීට වැඩි වශයෙන් එක් විය. තාක්ෂණය සමග හැදී වැඩුණු පරම්පරාවක් මෙවැනි කාරණයක් නිසා වීදි බැසීම එතරම් පුදුමයට කරුණක් නොවේ යැයි කෙනකුට සිතිය හැකියි. නමුත් එලෙස සමාජ මාධ්‍ය මෙතරම් දැඩි වාරණයකට ලක් කිරීමට හේතු වූ කාරණා මොනවා දැයි බොහෝ දෙනෙක් අවධානයට නොකරන කාරණයකි. මේ කතාබහ තුළ අපට නිතර ඇසෙන්නට ලැබෙන වචනයක් ලෙසෙ Nepotism යන වචනය හඳුනාගත හැකිය.

Nepotism යනු කුමක්ද? Nepotism වචනයේ අර්ථය නම් විශේෂයෙන්ම බලයේ සිටින අය විසින් සිය ඥාතීන්ට හෝ සමීප මිතුරන්ට, ඔවුන්ගේ සුදුසුකම් හෝ කුසලතා නොසලකා රැකියා මත උසස්වීම් හෝ වෙනත් ඕනෑම ආකාරයක වාසි ලබාදීමයි. සරලව පවැසුවොත් නැදෑ වූ පමණින් විශේෂ සැලකිල්ලක් දැක්වීමයි. මෙය ඉතාලි භාෂාවේ Nepote වචනයෙන් බිඳී ආවක් වන අතර එකල පාප්වරුන් සිය ඥාතීන් බලවත් තනතුරුවලට උසස් කිරීම මත නිර්මාණය වූ වචනයකි. එකල එසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරයක් ඇති නූතන ලෝකය තුළ විශේෂයෙන්ම දේශපාලනය තුළ මෙම සංකල්පයේ පැවැත්ම බොහෝදෙනා පිළිනොගන්නා කාරණයකි.

2008 මැයි 28 වැනි දින එතෙක් රාජාණ්ඩුවක්ව පැවති නේපාලය ජනරජයක් බවට පත් විය. එතැන් සිට බලයේ සිටිප්‍රධාන පක්ෂ වන්නේ නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්-ලෙනින්වාදී) නේපාල කොංග්‍රසය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕ වාදී මධ්‍යස්ථානය විටින්විට වෙන් වෙන් වශයෙනුත්, එක්වත් නේපාලය පාලනය කළ ඔවුන් තුළ කලක් තිස්සේ මෙම Nepotism වාදය මුල්බැස ගෙන තිබූ බව පැවසෙයි. Gen z පරපුර තුළ Nepo Kids / Nepo Babies ලෙස නම් කරන එම දේශපාලනඥයන්ගේ දරුවන් සාමාන්‍ය ජනතාවට නොමැති වීදේශ අධ්‍යාපනය, සුඛෝපභෝගී වාහන, නිවාස ඇතුළු බොහෝ වරප්‍රසාද හා පහසුකම් ලබන අතර ඔහුන් නඩත්තු වන්නේ එරට සාමන්‍ය ජනතාවගේ බදු මුදල් හරහාය. එරට අගමැති කේ.පී. ශර්මා ඔලිගේ පවුල මෙම චෝදනාව ලබන ප්‍රධානම දේශපාලන පවුලයි. එමෙන්ම හිටපු අගමැති ෂර්බහදූර් ඩියුබාගේ පවුල රාජාණ්ඩුවට දැඩි විරෝධය පෑ දේශපාලනඥයකු වූ පුෂ්ප කමල් දහල්ගේ පවුල ද මේ චෝදනාව ඒ හා සමානව ලබා ඇත.

දැනට පවතින කාලීන දත්ත අනුව නේපාලයේ ශ්‍රම බළකායෙන් 10ග7% ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙයි. එහිදී ද අවුරුදු පහළොව විසිහතර අතර වයස්වල තරුණයන්ගේ විරැකියාව 22.7%කි. 2008 දී රාජාණ්ඩුව අවසන් වූ පසු නේපාලයේ ඒ වනතෙක් ආණ්ඩු 14ක් පාලනය කර ඇති බව වාර්තා වේ. නමුත් ඒ සියලු පාලනයන් තුළින් කිසිදු ඵලදායී වෙනසක් සිදු නොවීම තරුණයන් තුළ නෑඟී එන කෝපයට හේතු විය. එලෙස විරැකියාව ඉහළ මට්ටමක පවතින අවස්ථාවක සුදුසුකම් නොලත් දේශපාලන පවුල් සබඳතා මත ඥාතීන්ට තනාපති තනතුරු සහ මණ්ඩල ආසන ලැබී ඇති බව කියවෙයි. විරෝධතාකරුවන් ස්වාධීන දූෂණ විරෝධී කොමිසමක් සහ දූෂිත නායකයන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිය ද ඊට රජයේ පිළිතුර ලෙස සමාජ මාධ්‍යය තහනම් කිරීම එම කෝපය පුපුරා යෑමට හේතු විය.

බොහෝ නේපාලික තරුණයන් මේ සමාජ මාධ්‍ය හරහා සාමාන්‍ය පුද්ගලයාගේ අන්ත දුක්ඛිත ජීවිතයත් දේශපාලනඥ පවුල්වල ඥාතීන්ගේ සුඛෝපභෝගී ජීවිතයත් සංසන්දනය කරමින් විවිධ අන්තර්ගතයන් මුදා හරින ලදී. NepoKids සහ PoliticiansNepoBabyNepal වැනි හැෂ් ටැග් TikTok, Instagram සහ Reddit හරහා වේගයෙන් ජනප්‍රිය විය. ඒ හරහා සමාජ කථිකාවක් නිර්මාණය කිරීම නිසාවෙන් සමාජ මාධ්‍ය මෙලෙස තහනමකට ලක්කිරීම හරහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාවට ලක් කිරීම එදා මිනිසුන් කත්මණ්ඩු අසලට රැස්කරන ලදී.

මෙම Nepotism වාදය යනු නේපාලයට පමණක් පොදු වූ ගැටලුවක්ම නොවේ. ආර්ජන්ටිනාවේ 2023 වර්ෂයේ බලයට පත්වූ ලිබෙටේරියන් ජනාධිපති හවියේර් මිලෙයි ඔහුගේ කාලයේදී ඔහුගේ සහෝදරියකට රජයේ ඉහළ තනතුරක් ලබාදීම පිළිබඳ ගැටලුවක් ගොඩනැඟුනි. එමෙන්ම හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කොසිගේ පුත් ජීන් සාර්කොසිට කිසිදු අත්දැකීමක්වත් නොමැතිව තනතුරු ලැබූ බවට එරට ජනයා විශ්වාස කළේය. කාම්බෝජයේ අගමැති හුන් සෙන් සහ ඔහුගේ දේශපාලන පක්ෂය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට වැදගත් රජයේ රැකියා ලබා දී ඇත. අවසාන වශයෙන් ශ්‍රී ලංකාව ගතහොත් මෙරට තුළ ද මේ හා සමාන අයුරින් නොයෙක් දේශපාලන පවුල් හරහා Nepotism හෙවත් ඥාති සංග්‍රහය ඉහළතින්ම සිදුවූ බව නොරහසකි.

නේපාලයේ විරෝධතාවලින් පෙනී යන්නේ සැබෑ ගැටලුව කිසි විටෙකත් සමාජ මාධ්‍ය තහනම් කිරීම පමණක් නොවන බවයි. එය එක් ගිනි පුපුරක් පමණි. එය මහා ගින්නක් බවට පත් වුවේ දේශපාලන පවුල් බලය මත මුදල් සහ අසාධාරණ වරප්‍රසාද මත පද නම් වූ මෙම Nepotism සංකල්පය එරට මුල් බැසගෙන තිබූ නිසාවෙනි.

● නෙත්මි බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here