නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් දින 5ක කාලයක් පුරා ක්‍රියාත්මකව තිබූ ඇඳිරි නීතිය අද (13) උදෑසන සිට ඉවත්කිරීමට පියවර ගත් බව එරට හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත.
ඒ අනුව අද දිනයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ යනාදිය විවෘත කර ඇති අතර, දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නේපාල අග්‍රමාත්‍ය ධුරය සඳහා එරට හිටපු අගවිනිසුරුවරියක වන සුශිලා කාර්කි ඊයේ (12) පත්වීම රට මෙලෙස යථා තත්ත්වවයට පත්වීමට හේතු වී ඇත.
සමාජ මාධ්‍ය සඳහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව එරට පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක විය.
එය පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීය. කෙසේ නමුත් විරෝධතා අතරතුර පුද්ගලයින් 51දෙනෙකු මියගොස් තිබුණි.
Saru FM Media