වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් මාවනැල්ල, අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය ඊයේ රාත්‍රියේදී සාර්ථකව අවසන් වුණා.
ඊට සමගාමීව පැවැත් වුණු උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ සහ කේෂ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් ඊයේ දිනයේ ද සැදැහැවතුන් එක්ව සිටියා.
තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් ක්‍රියාත්මක කර තිබුණේ සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ඔවුන්ගේ පහසුව වෙනුවෙන්.
නේත්‍රාලෝක වෙසක් කලාප පිළිබඳ අම්බුළුගල, දන්තපාය රජමහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් මෙලෙස අදහස් පළ කළා.
මහරගම ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා මෙවර අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබා දුන්නා.
Saru FM Media