නේත්‍රාලෝක වෙසක් කලාපය අදත් අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදී

0
2


වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය අදත් අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. 

තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් දැකබලා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා. 
 

මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම් මාලාව ලබන 14වනදා දක්වා පැවැත් වීමට නියමිතයි. 

මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබන්නේ මහරගම, ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතායි.
 

නේත්‍රාලෝක වෙසක් කලාප පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

Neth Sound · REP SAMEERA 06.25



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here