නේත්‍රාලෝක වෙසක් කලාපයේ ධාතු වන්දනාවට සිව් දෙසින් සැදැහැවතුන් එක්වෙයි

0
2


වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් මාවනැල්ල, අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය අදයි. 

ඊට සමගාමීව පැවැත්වෙන උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ සහ කේෂ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් එක්ව සිටිනවා. 

ඒ සඳහා එක් වූ සැදැහැවතුන් කිහිප දෙනෙකු තමන්ට ලද අවස්ථාව පිළිබඳ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · PEOPLE CUT 01

තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපයේදී දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් අද දිනයේ ද ක්‍රියාත්මකයි. 

නේත්‍රාලෝක වෙසක් කලාප පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩර සමගින්.

Neth Sound · REP DARSHANA 01

මහරගම ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා මෙවර අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here