නෙවිල් සිල්වාට ඇප හිමිවෙයි

0
6


මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබා දී තිබෙනවා.

ඒ 2023 වසරේ දී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ ව ඔහු අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණා.

නෙවිල් සිල්වා යනු එම නඩුවේ 9වන සැකකරු යි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here