නෙත් එෆ් එම් ශ්වේත පූජා පින්කම් මාලාව හෙට දිනය පුරා මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාර පින්බිමේදී

0
4


උතුම් වෙසක් මංගල්‍යය සමරනු පිණිස නෙත් එෆ් එම් රේඩියෝව මගින් පවත්වන නෙත් එෆ් එම් ශ්වේත පූජා පින්කම් මාලාව හෙට දිනය පුරා සිදුකිරීමට නියමිතයි. 

ඒ, මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාර පින්බිමේදීයි. නෙත් එෆ් එම් රේඩියෝව මගින් පවත්වනු ලබන නේත්‍රාලෝක වෙසක් කලාපයද එම රජමහා විහාරයේදී මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම් මාලාව මැයි මස 14වනදා දක්වා පැවැත්වෙනවා. 

පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්  පවත්වන විශේෂ ධර්මානුශාසනාවක් එදින රාත්‍රී 09 සිට 12 දක්වා සිදුකරන අතර එය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට නියමිතයි. 

වෙසක් තොරණ, දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග, වෙසක් පහන් කූඩු ආදී ආමිස පූජා රැසක් එහිදී දැකබලා ගැනීමට හැකියාව සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබන්නේ මහරගම විශ් පෞද්ගලික රෝහලේ අධිපති විශේෂඥ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර මහතායි.

මේ, එම පිංකම් මාලාව පිළිබඳ අදහස් දැක්වූ අම්බුළුගල දන්තපාය රාජමහා විහාරාධිකාරී පූජ්‍ය වලපනේ චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ.

Neth Sound · WALAPANE HIMI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here