නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
යතුරුපැදියකින් ප්‍රධාන මාර්ගයෙන් ගමන් කරමින් සිටි මරණකරු එකම දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇද වැටීමෙන් අනතුරුව එම දිසාවටම ගමන් ගත් බස් රථයකට යටවී ඔහු මිය ගිය බව කඩවත පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Saru News












